පන්ඩුකාභය රජතුමා සහ කාලාශෝක රජතුමා.
.png)
හෙල බුදුන් කන්ඩායමේ විකෘති ඉතිහාසය සත්‍ය වීමට නම් බුද්ධ කාලයේ තිබු සොලොස් මහා ජනපද මේ ලංකාව තුළ තිබිය යුතු අතර ඔවුනගේ ඇතැම් පිරිස් ඒ ජනපද පෙන්වමින් ව්‍යාජ සිතියම් ද සකස් කර ඇත. කෙසේ නමුත් මේ සියල්ල ලංකාව තුල පෙන්වීමට ගොස් මේ පිරිස බෞද්ධ සහ ලාංකිය ඉතිහාසය කොතරම් විකෘති ස්වභාවයකට පත් කර ඇති ද යන්න පහත උදාහරණය මගින් පැහැදිලි වනු ඇත. මහාවංසයේ ඇති සඳහන් අනුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ සියයක් ගතවන කාලයේදි මගධ රාජ්‍යයේ රාජ්‍යත්වය කාලාශෝක රජු විසින් දරන ලදි. එම කාල වකවානුව බෞද්ධයන් හට වැදගත් වන්නේ දෙවන ත්‍රිපිටක සංගායනාව සිදු කලේ කාලාශෝක රජුගේ රාජ්‍ය කාලයේදි එතුමාගේ අනුග්‍රහයෙන් වීමයි. කාලාශෝක රජතුමාගේ අභිශේකයෙන් දසවන වර්ෂයේදි ත්‍රිපිටක සංගායනාව පැවැත්වු බවත් එතුමාගේ රාජ්‍ය කාලය වර්ෂ විසි අටක් බවත් මහාවංසය සඳහන් කරයි. එනම් දෙවන ධර්ම සංගායනාවෙන් පසුව තවත් වසර 18 ක් එතුමා මගධයේ රජු ලෙස කටයුතු කර ඇත. එමෙන්ම බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ විජය කුමරුන් ලංකාවට ගොඩබට බවත් මහාවංසය සඳහන් කරන බැවින් එතැන් සිට මහාවංසයේ සඳහන් කාල වකවානු අනුව පන්ඩුකාභය රජතුමා ලංකාවේ රාජ්‍යත්වයට ප...