ඇන්ටන් ෆියුහර් ඉවත් කළ වී. ඒ. ස්මිත් වාර්තාවේ ඇත්ත කතාව

 Anton Fuhrer ගේ වංචා විමර්ශනය කළ V.A. ස්මිත් වාර්තාවේ ඇත්ත කතාව.


බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක - 33


බුදු රදුන් ලංකාවේ බවට මිථ්‍යා මතය රැගෙන එන පිරිස ඔවුනගේ ප්‍රබලම සාධකයක් ලෙස සලකන්නේ, ඔවුන් පවසන ආකාරයට ලුම්බිණිය සොයා ගත් Anton Fuhrer මහතා ගේ වැඩ තහනම් කරමින් ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ memorandum එකයි.


එය ඉදිරිපත් කරමින් ඔවුන්

1.) ලුම්බිණි ටැම් ලිපිය Anton Fuhrer විසින් හොරාට කෙටු එකක් බවත්

2.) ලුම්බිණිය ව්‍යාජ ස්ථානයක් බවත්

3.) Anton Fuhrer ගේ වාර්තා සියල්ල ඉවත් කර ඇති බවත් 

ප්‍රකාශ කරයි.


මේ ප්‍රකාශ කිසිදු සත්‍යතාවයකින් තොර අසත්‍ය ප්‍රකාශ බව 1896-1898 වාර්තා සහ මෙම memorandum එක ඇසුරින් අප පෙන්වා දී ඇත.

ඒ සඳහා සබැඳිය


මෙම memorandum එක නිකුත් කිරීමට පාදක වන Anton Fuhrer ගේ වැඩකටයුතු විමර්ශණය කර V.A. Smith මහතා විසින් සකස් කළ සම්පූර්ණ වාර්තාව සලකා බලමු.


මෙම වාර්තාව ~Annual Progress Report of the Archeological Survey Circle (Epigraphical Section), North- Western provinces and Oudh, for the year ending 30th june 1899~ ලෙස මාතෘකා කර ඇත.


එහි සම්පූර්ණ ඡේද 35ක් අඩංගුය. එම ඡේද එකින් ඒක සලකා බලමු.


1. ඡේදය. 

Government of the North western Provinces and Oudh මගින් ලබාදුන් නියෝගය අනුව 1899 වර්ෂයේ ජුනි 30 අවසන් වන වර්ෂය සඳහා මුඛර්ජි මහතා කළ ගවේෂණ පිළිබඳව සහ Fuhrer මහතා ගේ පසුගිය වර්ෂයේ වාර්තාවේ ඇති දෝෂ පිළිබඳව මෙම වාර්තාව සකස් කළ බව.

2. ඡේදය

1897-98 වර්ෂය සඳහා වාර්තාව සහ ~ Monograph on Buddha Sakyamuni's birth place in the Nepalese Tarai~ හි Anton Fuhrer මහතාගේ ගුණාත්මක බවින් තරමක් අඩු නේපාලයේ තරායි ප්‍රදේශයේ කළ ගවේෂණය පිළිබඳ තොරතුරු අඩංගුය 


3. ඡේදය.

Anton Fuhrer මහතා ගේ කැණීම් 1897 දෙසැම්බර් 22 දින සිට 1898 මාර්තු මුල දක්වා සිදු කර ඇති අතර ඔහුගේ කඳවුර සාගර්වා හි ස්ථානගත කර ඇත.

එසේම Fuhrer මහතාගේ කාලයෙන් වැඩිම කොටස සාගර්වා හි තිබු සතරැස් දාගැබ් සංකීර්ණයක් කැණීම සඳහා ( කැණීම මගින් ඒවා විනාශ කර ඇත) වැයවූ බවත් සඳහන් කර ඇත. 

එසේම එහිදී හමුවූ පුරාවස්තු පිළිබඳ කෙටි විස්තරයක් ඇත. එම පුරාවස්තු සත්‍ය ලෙසම හමුවී ඇති බව සඳහන් කර ඇත.


4. ඡේදය.

ඉහත තුන් වන ඡේදයේ සඳහන් පුරාවස්තු වලට අමතරව Fuhrer මහතා එහිදී හමුවූ අභිලේඛනයක් පිළිබඳ පවසන කොටස පිළිබඳව සැක මතු කර ඇති අතර එය ඉංග්‍රීසි පෙළ පමණක් තිබීම හා Fuhrer මහතා ගේ කෙටුම්පත් කරු විසින් එහි ඡායාරූපයක් හෝ කෙටුම්පතක් ඉදිරිපත් කර නොතිබිම වඩාත් සැක කටයුතු බව පවසයි.

එසේම ඔහු V. A. ස්මිත් මහතා එම කඳවුර නිරීක්ෂණය සඳහා පැමිණි විට සාගර්වා හිදී අභිලේඛන කිසිවක් හමු නොවූ බව පැවසූ බවත් සඳහන්.


එසේම ලක්නව් හි පුරාවිද්‍යා මූලස්ථානයේ දී Anton Fuhrer මහතා හමුවූ විට එම අභිලේඛන කොටස සඳහන් ගඩොලක් තිබූ බවත් එය අතට ගත් වහාම ඉතා කුඩා කොටස් වලට විසිරී ගිය පැවසූ බවත්, ඉන් පසු කිසිදු අවස්ථාවක එය පිළිබඳව සඳහන් නොකළ බවත් සඳහන් කර ඇත.


5. ඡේදය.

සාගර්වා හි කැණීම් පිළිබඳ ( කැණීම් හේතුවෙන් එහි තිබු ස්ථූප විනාශ වි ඇති බව) සහ ඒ පිළිබඳ Anton Fuhrer ගේ වාර්තා ගැන සඳහන්.

6. ඡේදය.

මෙහිදී ද එහි කැණීම් ගැන තවදුරටත් වැඩි විස්තර ඇති අතර වඩාත් වැදගත් කරුණ වන්නේ එහි Anton Fuhrer කැණීම් කරන ස්ථානයේ සිටි නේපාල නිලධාරියා ගැන ඇති සඳහන සහ හමුවන සියලු දේ මුලින්ම එම නිලධාරියා විසින් නිරීක්ෂණය කළ බවත් අඩුම තරමේ එහි ඇති ගඩොලක් වත් කැණීම් භූමියෙන් ඉවතට ගෙනයාමට ඔහු ඉඩ ලබා නොදුන් බවත් සඳහන් කරයි.

එසේම Anton Fuhrer එම සාගාර්වා හිදී හමුවූ බව කියන අභිලේඛන සත්‍ය බවට සාධක සාක්ෂි නැති බව සඳහන් කරයි.


7. ඡේදය.

ඉහත හය ඡේදයේ ඇති කරුණු තවදුරටත් සනාථ කිරීම සිදු කර ඇත 


8. ඡේදය.

ඉහත අභිලේඛන සහ බුරුම භික්ෂූන් වහන්සේ නමකට බුදු රදුන්ගේ ලෙස පවසා ලබාදුන් ව්‍යාජ ධාතූන් පිළිබඳ සඳහන් ය.

9. ඡේදය.

"Monograph on Buddha Sakyamuni's Birthplace" නම් වාර්තාවේ ඉතා විශාල කොටසක් බෞද්ධ මූලාශ්‍ර වලින් ලබාගෙන ඇති කරුණු බවත්, පුරාවිද්‍යාත්මක කරුණු ඉතාම ස්වල්පයක් බවත්, එම කරුණු ස්වල්පය ද විසිරී, පැටලුම් සහගත ලෙස ඉදිරිපත් කර ඇති බව සඳහන් කරයි.

එහි ඇති ප්‍රධාන කරුණු සාරාංශ කර දක්වා ඇත.

i) කකුසඳ බුදු රදුන් උපන් ස්ථානය හඳුනා ගැනීම. 

ii) කෝණාගමන බුදු රදුන් උපන් ස්ථානය හඳුනා ගැනීම.

( නිගාලී සාගර් ටැම් ලිපිය ගැන සඳහන් කර ඇත)

iii) කෝණාගමන බුදු රදුන් පිරිනිවන් පෑ පබ්බත ආරාම නම් ස්ථානය හඳුනා ගැනීම.

iv) arrow fountain නම් ස්ථානය අසම්පූර්ණ ලෙස හඳුනාගැනීම.

v) කපිලවස්තු නුවර හඳුනාගැනීම.

vi) Kotahi Kot ශිව දේවාලය හඳුනා ගැනීම.


ඉහත Anton Fuhrer මහතා තමන් විසින් සොයාගත් බවට  එහි සඳහන් කරන ස්ථාන වලට අමතරව ඔහු විස්තර සපයන ලුම්බිණි අශෝක කුලුන සහ අනිකුත් ස්මාරක ඒ වන විට හඳුනාගෙන තිබූ ඒවා බවට සඳහන් කරයි.

~ In addition to the above discoveries which Dr. Fuhrer claims to have made, he supplied some further details about the Lumbini pillar and other monuments already known, ~


එසේම සත්‍යතාවය තහවුරු කළ හැකි කිසිදු කාසියක් හෝ සෙල් ලිපියක් ඔහු විසින් එහි හඳුනා ගෙන නැති බව සඳහන් කරයි. ( ලුම්බිණි ටැම් ලිපිය ඔහු විසින් සොයා නොගත් බව මෙයින් පැහැදිලිය)

10. ඡේදය

Anton Fuhrer විසින් කළ අසම්පූර්ණ කැණීම් හා ගවේෂණ විධිමත් ලෙස සම්පූර්ණ කිරීමේ වැදගත් කම ඉන්දීය රජය විසින් වටහා ගෙන නේපාල රජය සමග එකතුව ඒ සඳහා Babu Puran Chandra Mukerji මහතා පත් කර අතර Major Waddel ද ඔහු සමග සහයෝගයෙන් වැඩ කිරීම සඳහා පත් කළ බව සඳහන් කර ඇත.


11. ඡේදය.

මුකර්ජී මහතා හට එම ගවේෂණ ඉදිරියට කරගෙන යෑම පිණිස ලබාදුන් නිර්දේශ සඳහන් කර ඇත. ( එහිදී Anton Fuhrer විසින් සිදු කළ අඩුපාඩු සම්පූර්ණ කරන ආකාරය පිළිබඳ විධිමත් උපදෙස් සඳහන් කර ඇත)


12, 13, 14 සහ 15 ඡේද.

මුකර්ජී මහතා එම ගවේෂණ ඉදිරියට සිදු කළ ආකාරය සහ Anton Fuhrer ඉදිරිපත් කළ දෝෂ සහගත සිතියම වෙනුවට නිවැරදි පරිමාණයට නිවැරදි කරුණු ඇතුළත් සිතියමක් සකස් කළ බව සඳහන් කර ඇත.

එසේම ෆාහියන් සහ හියුං සැන් හිමිවරුන්ගේ වාර්තා අනුව කපිල වස්තු පුරය පිහිටි ස්ථානය මුකර්ජී මහතා ගේ සිතියම් සහ ගවේෂණ වාර්තා අනුව සංසන්දනය කර ඇත.


එසේම මෙහි 13 වන ඡේදයේ කපිලවස්තු පුරය ගැන විමර්ශනය කරන අතර මෙසේ සඳහන් කර ඇත.

~ The site of the Lumbini garden is fixed with absolute certainty, there being no doubt that the inscribed pillar there is in it's original position. That pillar gives the best datum for investigating the relative position of Kapilawastu and it's neighborhood.~


එනම් 

ලුම්බිණි උද්‍යානයේ පිහිටීම ස්ථිරවම තහවුරු වි ඇති අතර, එහි ඇති ටැම් ලිපිය සහිත කුළුණ එහි මුල් පිහිටුමේම ඇති බවට කිසිදු සැකයක් නොමැති බැවිනුත් කපිලවස්තු පුරය සහ එහි අවට ස්ථාන නිර්ණය කිරීමට අනර්ඝ නිශ්චිත ආරම්භක ලක්ෂ්‍යයක් (datum) ලුම්බිණි කුළුණ සපයන බවයි.



16. ඡේදය.

Anton Fuhrer සඳහන් කර ඇති ශාක්‍යයන් පිළිබඳ අභිලේඛන ය ව්‍යාජ වුවත් එහිදී සොයාගත් ගඩොල් වල තිබූ කැටයම් අනුව එය සමූලඝාතනය වූ ශාක්‍යයන් මිහිදන් කළ ස්ථානය බවට තහවුරු කළ හැකි බව සඳහන් කරයි.


17 - 23 ඡේද.

මුකර්ජී මහතා විසින් ගවේෂණය ඉදිරියට කරගෙන යන විට කපිලවස්තු, නිඟාලි සාගර් සහ සාගර්වා හි Anton Fuhrer එම ස්ථාන පිළිබඳ සඳහන් කළ ව්‍යාජ කරුණු එළිවු ආකාරය සඳහන් කරයි.

නීගාලී සාගර් හි අශෝක ටැම් ලිපිය අසල ඇති බවට ඔහු සඳහන් කළ කෝණාගමන බුදු රදුන් ගේ ස්තූපය එහි කිසිසේත් නොතිබීම ප්‍රධාන කරුණක් ලෙස දක්වා ඇත.


24. ඡේදය. 

Rummin Dei නොහොත් ලුම්බිණි උයන ගවේෂණ කටයුතු ඉදිරියට කරගෙන යෑම සහ එහිදී හමුවූ නව පුරාවිද්‍යාත්මක සාධක ගැන සඳහන් කරන අතර එහි මුල් විහාරය තවත් යටින් තිබෙන බවට සාධක සාක්ෂි ඇතැයි සඳහන් කරයි.



25. ඡේදය.

ලුම්බිණි විහාරයේ නටබුන් වල සහ මායා දේවි ගේ සිදුහත් කුමාර උපත සිදුවන අවස්ථාව නිරූපණය කළ පිළිරූ වල ඡායාරූප ගෙන මායා දේවිය ගේ පිළිමයේ පසෙක වැටී තිබූ හිස නැවත නිසි ලෙස ස්ථානගත කර පිළිසකර කළ බව සඳහන් කර ඇත.

එසේම ෆාහියන් හිමියන්ගේ දේශාටන වාර්තා සමග මෙහිදී සොයාගත් නටබුන් නිසි ලෙස ගැලපෙන බවද සඳහන් කරයි.

විශේෂයෙන් මහාමායා දේවිය ස්නානය කළ පොකුණ ෆාහියන් හිමියන් සඳහන් කළ ස්ථානයේ ඒ අයුරින්ම ඇති බව ප්‍රකාශ කර ඇත.




26. ඡේදය.

අශෝක ටැම් ලිපිය රැගත් අශෝක කුළුණ සහ එහි වටා සිදුකළ කැණීම ගැන විස්තර කර කුළුණ වටා පිහිටි පෞරාණික ගඩොල් අවරණයක් නිරාවරණය කර ගැනීම සඳහන් කරයි.



27- 35 ඡේද.

ලුම්බිණිය අවට ප්‍රදේශ වල කළ ගවේෂණ සහ කැණීම් පිළිබද සඳහන් වලින් සමන්විත වෙයි.

මෙම වාර්තාවේ ඇති ඉහත සඳහන් කළ කරුණු අනුව බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිස සමාජ ගත කරන ලුම්බිණිය පිළිබඳ සාවද්‍ය කරුණු රාශියක් බිඳ වැටෙයි.


මෙම Anton Fuhrer ගේ වැරදි එළි කරමින් ඔහුගේ සේවය අත්හිටවීමට හේතු වූ V.A. ස්මිත් මහතා ඉදිරිපත් කළ වාර්තාව අනුව
1.) ලුම්බිණි ටැම් ලිපිය ව්‍යාජ හෝ Anton Fuhrer විසින් හොරට කෙටු ලිපියක් බව සඳහන් කර නැත.
2.) ලුම්බිණිය ව්‍යාජ ස්ථානයක් වන බව කිසිදු තැනක සඳහන් කර නැත.
3.) Anton Fuhrer ගේ වාර්තා වල දෝෂ ඇති තැන් සඳහන් කර ඇති නමුත් ඒ කිසිදු දෝෂයක් ලුම්බිණියට අදාල නොවෙයි.


 යන කරුණු තහවුරු වනවා පමණක් නොව.


1.) Anton Fuhrer සේවයෙන් ඉවත් කිරීමෙන් පසුවද ලුම්බිණි අශෝක කුලුන සහ ලුම්බිණිය කැණීම් කටයුතු ඉදිරියට කර ගෙන ගිය බවත්
2.) ලුම්බිණි අශෝක කුලුන සහ ලුම්බිණිය ෆාහියන් සහ හියුන් සැන් හිමිවරුන්ගේ වාර්තා සමග මනාව ගැලපෙන බවත්
3.) Anton Fuhrer ගේ monograph වාර්තාව ඉවත් කළ නිසා ලුම්බිණිය සොයාගැනීම අවලංගු වූ බවට ජම්බු කණ්ඩායම ගෙන යන මතය අතිශයින්ම සාවද්‍ය කරුණක් බවත්
 
4.) Anton Fuhrer සේවයෙන් ඉවත් කිරීම සහ ලුම්බිණිය අතර කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බවත්
5.) ලුම්බිණි ටැම් ලිපිය සහිත අශෝක කුළුණ සහ ලුම්බිණිය කිසිදු සැකයකින් තොරව ස්ථිරවම තහවුරු වී ඇති බවත්
6.) එමගින් එම කුළුණ හෝ ටැම් ලිපියේ සත්‍යතාවය පිළිබඳව කිසිදු ගැටලුවක් V.A. ස්මිත් මහතා ට මෙම විමර්ශනය තුළ දී ඇති වී නැති බව තහවුරු වන බවත්
යන කරුණු ද මැනවින් තහවුරු වෙයි.
මීළඟ ලුම්බිණි ලිපියෙන් V.A. ස්මිත් මහතා මුකර්ජී මහතා ගේ වාර්ෂික වාර්තාව ට ලියූ පෙරවදන සහ එහිදී තව දුරටත් තහවුරු කරන ලුම්බිණිය සහ ටැම් ලිපිය ගැන විස්තරය බලාපොරොත්තු වන්න.


තෙරුවන් සරණයි.

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?