ලුම්බිණි ටැම් ලිපිය පිළිබඳ 1896-97 වාර්තාව

 ලුම්බිණි ටැම් ලිපිය පිළිබඳ 1896-97 වාර්තාව.


බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක 30


ලුම්බිණි ටැම් ලිපිය සහ ලුම්බිණිය පිළිබඳ සත්‍ය විකෘති කරමින් ගෙන යන කරුණු වල අසත්‍ය තාවය පිළිබඳ පෙන්වා දෙන ලිපි මාලාවේ තුන් වැන්න ලෙස ලුම්බිණි ටැම් ලිපිය පිළිබඳ කරුණු සඳහන් වන 1896-97 වාර්තාව සහ එහි අන්තර්ගතය පිළිබඳව පැහදිලි කිරීම මෙම ලිපියේ අරමුණයි.

එහි පළමු ලිපි දෙක පහත සබැඳි මගින් කියවිය හැක.



https://vikurthiyataerehiwa.blogspot.com/2020/12/blog-post.html?m=1



Archeological survey, N.W.P. and OUDH circle හි වාර්ෂික ප්‍රගති වාර්තා වල මෙම සෙල් ලිපිය ට අදාළ අශෝක කුළුණ පිළිබඳ පළමුවන සඳහන හමුවන්නේ 1894-95 වාර්තාවේ 3 වන ඡේදයේය.


එහි නිගාළී සාගර් කුලුන සහ ලිපිය ගැන විස්තර කරන අතර අවසානයේ  එයට සැතපුම් 24 දුරින් බුට්වාල් ප්‍රදේශයේ තවත් අශෝක කුළුණක් ඇති බවට තොරතුරු ඇති බව පවසා ඇත. එසේම ඉදිරි ගවේශනයකදි මේ කුළුණ පිළිබඳව සොයා බැලිය යුතු බවත් පවසයි.

මීළඟට මේ ගැන සඳහන් වන්නේ 1896-97 වාර්තාවේ ය.




එහි ඇති කරුණු ගැන විග්‍රහ කර බලමු.

මෙම වාර්තාව Anton Fuhrer මහතා විසින් සකස් කර ඉදිරිපත් කර ඇති අතර ඡේද 23 කින් සමන්විත වෙයි.


1. ඡේදය.

මෙහි Western Dun නමැති ප්‍රදේශයේ පවතින නටබුන් ගැන කෙටි විස්තරයක් ඇත.


2. ඡේදය

1895 වර්ෂයේදී Babu Jaskaran Singh විසින් සපයන ලද තොරතුරු අනුව නීගාලි සාගර් හි අශෝක රජුගේ ටැම් ලිපිය සොයාගත් ආකාරය සහ කපිලවස්තු නුවර ට අදාළ කැණීම් පිළිබඳ විස්තරය මෙහි අඩංගුය.


3. ඡේදය.

නේපාල Tarai ප්‍රදේශයේ ගවේෂණ කටයුතු කිරීම සඳහා ඉන්දීය රජය හරහා නේපාල රජයෙන් අවසර ඉල්ලීම සහ ඒ අනුව නේපාල Palpa ප්‍රදේශයේ ආණ්ඩුකාර General Khadga Shamsher මහතා හමුවී ඒ මහතා සමග ඉදිරි ගවේෂණ සිදුකරන ලෙස ලැබුණු අවසරය ගැන මෙහි ඇත. එසේම ලුම්බිණි ( තවම ගවේෂණය නොකළ) අශෝක කුලුන ගැන ද ඔහුට ලැබුණ තොරතුර මෙහි සඳහන් කර ඇත. 


4. ඡේදය.

ගවේෂණ සඳහා වියානා හි මහාචාර්යවරයෙක් දුන් මුදල් ආධාර ගැන සඳහන් කරන මෙහි කෙසේ වුවද නේපාල රජය තම පූර්ණ අධිකාරිය යටතේ තමන් විසින් මේ ගවේෂණ සිදු කලයුතු බව අවධාරණය කර Anton Fuhrer සහ මේ ආධාරකරුවන් උපදෙස් සහ මගපෙන්වීම පමණක් ලබාදීම ඔවුන්ගේ රාජකාරිය බව දන්වා ඇති බව මෙහි සඳහන් කර ඇත.




5. ඡේදය.

මෙහිදී ගවේෂණ වලදී සොයාගත් සියල්ල පිළිබඳ නේපාල රජයට සහ එහි නිලධාරීන්ට ස්තුති කර එහි සියලු ගෞරවය ඔවුන්ට හිමිවිය යුතු බව පවසයි.


~ That I have accomplished what I did is owing chiefly to the courtesy of the present enlightened government of Nepal ~


එසේම මෙහි ඉතා වැදගත් තොරතුරක් ද ඇත. එනම් ලුම්බිණි අශෝක කුළුණේ කැණීම් කටයුතු සිදු කළේ නේපාල Palpa හි ආණ්ඩුකාර General Khadga Shamsher විසින් බවත් ඒ සඳහා උපදෙස් දීම පමණක් Anton Fuhrer විසින් සිදු කළ බවත් ය.


~ The Governor of Palpa, however who at my suggestion had the Rummindei Pilar excavated, ~

( මේ කරුණ ඉහත 4 වන ඡේදයේ සඳහන් නේපාල රජය නිකුත් කළ උපදෙස් වලට මානව ගැලපෙයි).




එසේම නිගාලි සාගර් සහ ලුම්බිණි කුළුණ අවට ප්‍රදේශය ගවේෂණ ඉදිරියේදී සම්පූර්ණ කළ යුතු බව පවසා ඇත.


6. ඡේදය.

මෙහි නේපාල විනිශ්චයකාර වරයෙකු සහ ප්‍රභූවරයේ කු විසින් මෙම ගවේෂණ සදහා උපකාර කර ගැනීමට අලින් දෙදෙනෙකු ලබාදීම සඳහන් වෙයි.


7. ඡේදය.

නේපාල රජය දුන් උපදෙස් අනුව Anton Fuhrer මහතා නේපාල ආණ්ඩුකාර General Khadga Shamsher මහතා හමුවීම සහ ආණ්ඩුකාරවරයාගේ කූඩාරම අසල කැණීම් කර තිබූ අශෝක කුළුණ සහ ඒ වටා පිහිටි කුඩා ස්ථූප හතර ගැන විස්තර මෙහි සඳහන් වෙයි.

එමෙන්ම ලුම්බිණි අශෝක කුලුන පිළිබඳව විස්තර කරන අතර එහි උඩ කොටස පමණක් පොළවෙන් ඉහල තිබූ බවත් අශෝක ලිපිය සඳහන් කොටස පොළවෙන් යටවී තිබූ බවත් සඳහන් කර ඇත. 

එසේම ටැම් ලිපියේ පෙළ ද, ඒය බෞද්ධ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් විස්තර සමග මනාව ගැලපෙන අයුරු ද සඳහන් කර ඇත.




8. ඡේදය.

මෙම අශෝක කුළුණ වෙනත් පිහිටවූ ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් නැති බව සඳහන් කර එයට සාධක ලෙස, හියුං සැන් හිමියන්ගේ පොතේ විස්තර කරන ස්ථූප හතර ආසන්නයෙන් කුළුණ පිහිටා තිබීම සහ එහි උඩ කොටස අකුණක් මගින් විනාශ වි තිබීම දක්වයි.

එසේම හියුං සැන් හිමියන්ගේ වාර්තාවේ මෙම කුළුණ ගැන සඳහන් වුවත් ටැම් ලිපිය පිළිබඳව සදහන් නොවන්නේ ඒ වන විට එය අඩි තුනක් පමණ පොළවෙන් යටවී තිබූ බව නිසා බවට උපකල්පනය කර ඇත.

එයට සාධකයක් ලෙස එහි පැමිණි සංචාරකයෙක් ක්‍රිව 700 පමණ (එනම් හියුං සැන් හිමියන්ට වසර 64 කට පමණ පසු) අශෝක කුලුන මත කළ සඳහනක් පොළවෙන් ඉහළ කොටසේ තිබීමත්, අශෝක ලිපිය සහ එම සඳහන අතර අඩි තුනක පමණ කොටස වසර 64 වැනි කෙටි කාලයක් තුළ වැසීයාම සිදු විය නොහැකි බවත් සඳහන් කරයි.

එසේම පසු කාලීනව මහා මායා දේවිය සිදුහත් කුමරු උත්පත්තිය ලබන අවස්ථාව පිළිබඳ පැරණි කැටයම ස්තූපය මත තබා එහි හින්දු භක්තිකයන් රූපාදේවි නමින් වැඳුම් පිදුම් කරන ලද ආකාරය සඳහන් කරයි.


9. ඡේදය.

ලුම්බිණිය පිහිටි ස්ථානය පිළිබඳ නිශ්චිතව තහවුරු කර ගැනීම නිසා චීන සංචාරක භික්ෂූන් වහන්සේලා ගේ විස්තර අනුව කපිලවස්තු නුවර සහ අනෙකුත් බුදු වරුන් ට අදාල ස්ථාන සොයාගත හැකි බව සහ ඒ පිළිබඳ විස්තර මෙහි දක්වා ඇත.


10. ඡේදය.

මෙම වසරේ නේපාල Tarai ප්‍රදේශයේ සිදු කළ මූලික ගවේෂණ මගින් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සුවිශාල සොයාගැනීම් සිදුකළ බවත් ඒ පිළිබඳව ඉදිරි ගවේෂණ මඟින් සවිස්තරව සොයා බැලිය යුතු බවත් නේපාල Palpa ආණ්ඩුකාර General Khadga Shamsher ඒ සඳහා කටයුතු කරන බවට පොරොන්දු වූ බවත් මෙහි සඳහන්ය.


11- 21 ඡේද.

ඉන්දියාවේ සිදුකළ වෙනත් කැණීම් සහ ගවේෂණ පිළිබඳ විස්තර අඩංගුය.


22. ඡේදය.

1896-97 වසරේ මෙම ගවේෂණ සහ කැණීම් වල ගත් ලිඛිත සටහන් සහ ඡායාරූප ගැන සඳහන් කරයි.


23. ඡේදය.

1897-98 වර්ෂය සඳහා නේපාල Tarai ප්‍රදේශයේ ගවේෂණය තවදුරටත් සිදුකළ යුතු බවත් ඒ සඳහා නේපාල රජයට සිය උපෙදෙස් සහ සහයෝගය ලබාදෙන බවත් සඳහන් කරයි.


1896-97 වාර්තාව පිළිබඳ විස්තරය මෙසේ වන අතර එමගින් තහවුරු වන වඩාත් වැදගත් කරුණු වන්නේ


1. ලුම්බිණි ටැම් ලිපිය පිළිබඳ ගවේෂණ නේපාල රජයේ දැඩි අධීක්ෂණය යටතේ නේපාල නිලධාරීන් සිදුකළ බවත් ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ සහයෝගය පමණක් Anton Fuhrer මහතා ලබාදී ඇති බව.


2. ලුම්බිණි ටැම් ලිපිය කැණීම් සිදුකලේ නේපාල ආණ්ඩුකාර General Khadga Shamsher මහතා බව.


3. එහිදී Anton Fuhrer මහතා හට අත්තනෝමතික ලෙස හිතුමතයට කටයුතු කිරීමට ඉඩක් නොමැති බව.


4. මෙම 1896-97 වාර්තාව වැරදි බව හෝ ඉවත් කළ යුතු බව හෝ Anton Fuhrer පිළිබඳ විමර්ශනය කළ V.A.ස්මිත් මහතා කිසිදු ස්ථානයක සඳහන් කර නොමැති බව.


5. Anton Fuhrer ඉවත් කරමින් ඔහුගේ වාර්තා දෝෂ සහිත යැයි පවසා ඉවත් කර ඇති බව සඳහන් කරන Memorandum එකේ මෙම 1896-97 වාර්තාව පිළිබඳව සඳහන් කර නැති බව.


6. එබැවින් ලුම්බිණි ටැම් ලිපියේ සුජාත භාවය පිළිබඳ කිසිදු ගැටලුවක් හෝ, Anton Fuhrer කළ වෙනත් වැරදි සමග ලුම්බිණිය හෝ ටැම් ලිපියේ කිසිදු අදාලත්වයක් නැති බව


යන කරුණු සයයි. 


ලුම්බිණි ටැම් ලිපිය Anton Fuhrer මහතා ගේ ප්‍රෝඩාවක ප්‍රතිපලයක් බවට සත්‍ය වසන් කරමින්  ව්‍යාජ ලෙස කරුණු දක්වන සියලු දෙනාට මේ තහවුරු කළ කරුණු පිළිතුරක් ලෙස ඉදිරිපත් කරමි.


එසේම මීළඟ ලිපිය මගින් Anton Fuhrer පිළිබඳ විමර්ශනය කළ V.A. ස්මිත් මහතා ගේ වාර්තාව පිළිබඳව සහ එයින් තහවුරු කරන ලුම්බිණිය සහ ලුම්බිණි ටැම් ලිපිය ගැන බලාපොරොත්තු වන්න.


තෙරුවන් සරණයි.












Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?