ලුම්බිණි ටැම් ලිපිය සහ ඇන්ටන් ෆියුරර්

 ලුම්බිණි ටැම් ලිපිය හා ඇන්ටන් ෆියුරර් පිළිබඳ සත්‍යය.


බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක 24


බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිස නිතරම අලවන, ඔවුනට බුදු රදුන් ඉන්දියාවේ නොවන බව පෙන්වීමට ඇති වටිනාම සාක්ෂියක් ලෙස සලකන ලියවිල්ලක් නම් 1899 අගෝස්තු 31 දින නිකුත් කළ ඇන්ටන් ෆියූරර් මහතාගේ සේවය අත්හිටවූ බව සඳහන් "Memorandum" ( සිහිකැඳවූම් ලිපිය)  එකයි.





මෙම ලිපිය ඉදිරිපත් කරන මේ පිරිස පහත තර්ක ඉදිරිපත් කරයි.


1. ලුම්බිණිය සොයාගත්තේ ඇන්ටන් ෆියුරර් මහතා විසිනි.

2. ලුම්බිණි සෙල් ලිපිය ඔහු විසින් හොරට සැකසූ එකකි.

3. මෙම සිහිකැඳවුම් ලිපිය මගින් ඔහු සොයාගත් සියල්ල බොරු බව තහවුරු කරයි.

4. එබැවින් ලුම්බිණි ටැම් ලිපිය බොරුවකි.

5. ඒ නිසා ලුම්බිණිය බොරුවකි.


දැන් මේ සිහිකැඳවුම් ලිපියේ සඳහන් වන කරුණු සහ මේ පිරිස පවසන මේ කරුණු සලකා බලමු.


1. මේ ලිපිය අනුව ඇන්ටන් ෆියූරර් මහතා ගේ සේවය 1898 ඔක්තෝබර් 28 දින සිට අවසන් කර ඇත.


2. එසේම ඔහු පිළියෙල කළ 1897-1898 වර්ෂය සඳහා වන පුරාවිද්‍යා වාර්ෂික ප්‍රගති වාර්තාවේ බහුලව වැරදි සිදු කර ඇත. 

( ~ Numerous inaccuracies in Dr. Fuhrer's progress report for the year 1897-98 ~ )


3. එසේම ඔහුගේ Monograph on Buddha Sakyamuni's Birthplace in the Nepalese Tarai නමැති පර්යේෂණ ලිපිය තුලද බහුලව වැරදි සිදුකර ඇත.


4. මේ වැරදි පිළිබඳව වි. ඒ. ස්මිත් මහතා ඉදිරිපත් කළ 1899 වාර්ෂික ප්‍රගති වාර්තාවේ පැහැදිලි කර ඇත. ( ~ The annual progress report of the Epigraphical section of the Archeological survey circle, North Western provinces and Oudh, for the year ending 30th June 1899 ~ ) 


5. එසේම ඔහුගේ Monograph on Buddha Sakyamuni's Birthplace in the Nepalese Tarai නම් වැරදි පර්යේෂණ ලිපිය සංසරණයෙන් ඉවත් කර එහි පිටපත් සියල්ල ඉන්දීය රජයේ නියෝගය අනුව විනාශ කර තිබේ. ( ~ The latter work has been withdrawn from circulation, and all copies remaining in store destroyed by order of the Government of India ~) 


මෙම විස්තර අනුව සලකා බලන විට 


A) ලුම්බිණිය සොයාගත්තේ ඇන්ටන් ෆියුරර් බව කිසිම සඳහනක් මෙහි නැත.


B) මෙම සිහිකැඳවුම් ලිපිය අනුව ෆියුරර් විසින් සකස් කළ වාර්ෂික වාර්තා වල ඇති වැරදි පිළිබඳව සඳහන් වන්නේ 1897- 98 වර්ෂයට අදාල වාර්තාවේ පමණි. 


C) නමුත් ලුම්බිණි ටැම් ලිපිය පිළිබඳව සඳහන් වන්නේ එම වාර්ෂික වාර්තාවේ නොව 1896-97 වාර්ෂික වාර්තාවේ බැවින් මෙම සිහිකැඳවුම් ලිපිය අනුව ලුම්බිණි ටැම් ලිපිය කිසිසේත්ම බොරුවක් බව ප්‍රකාශ වන්නේ නැත.


D) එසේම 1897-98 වාර්තාව තුළ ලුම්බිණිය පිළිබඳව අන්තර්ගත වන්නේ නොමැති බැවින් ෆියුරර් සිදු කළ වැරදි ඉදිරිපත් කිරීම් අනුව ලුම්බිණිය බොරුවක් වන්නේ ද නැත.





එසේනම් මෙතුවක් කල් මෙම සිහිකැඳවුම් ලිපිය පෙන්වමින්, බෞද්ධයන් මූලකරමින්, ලුම්බිණිය බොරුවක් බව තහවුරු කිරීමට මෙම පිරිස ගත් උත්සාහය සාධක සාක්ෂි මගින් මෙසේ ව්‍යර්ථ වෙයි.


එසේම ලුම්බිණි ටැම් ලිපිය ව්‍යාජ එකක් බවට පිළිගත් පුරාවිද්‍යා වාර්තාවක් ලබා දෙන ලෙස අප කළ අභියෝගයන්ට නිසි පිළිතුරක් දීමට මේ පිරිසට තවම හැකි වි නැත.


වි. ඒ. ස්මිත් මහතාගේ වාර්ෂික වාර්තා සමග වැඩි දුර කරුණු සහ එතුමා ලුම්බිණිය තහවුරු කරන ආකාරය ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න.


තෙරුවන් සරණයි. 


Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?