බිම්රාන් කරඬුව


බීම්රාන් කරඬුව

 බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව. අංක 08


මේ මිත්‍යාව පතුරවන අය පවසන මතයක් නම් බුදු රදුන්ට අදාල සියලුම දේ මේ ලංකාව තුළ පමණක් හමුවන බවයි. 

බෞද්ධ ශිෂ්ටාචාරයේ මුල සොයා යන ගවේෂණයේදී හමුවූ තවත් තොරතුරක් එම මිත්‍යාවට එරෙහිව මෙසේ සටහන් කරමි.


බීම්රාන් කරඬුව (Bimran casket).


වර්ෂ 1833-1838 කාලයේදී වර්තමාන ඇෆ්ගනිස්තානයේ ජලලාභාද් හි බීම්රාන් ප්‍රදේශයේ  බෞද්ධ ස්ථූප කැණීම් කළ ගවේෂණය කළ පුරාවිද්‍යාඥ චාර්ල්ස් මෙසන් මහතා විසින් ස්තූප අංක 02 හි කැණීම් කරන අතරතුර  soapstone (steatite) නම් පාෂාණයෙන් කළ මංජුසාවක් සොයා ගෙන තිබිණ. 





මෙහි ඇති වැදගත් කම නම් බුදු රදුන්ගේ ධාතු එහි අඩංගු බව ඛාරෝෂ්ති (kharoshthi) අක්ෂර වලින් එහි පියනේ සහ මංජුසාව මත සඳහන් කර තිබීමයි. 





මංජුසාව මත අභිලේඛන ය,

"මූන්ජාවාම්ද ගේ පූත්‍ර ශිවාරක්ෂිත විසින් සියළුම බුදු වරුන් ට ගෞරවයෙන් සර්වඥ ධාතු තැබීමට කළ උතුම් පූජාවකි."


මංජුසාව පියන මත සටහන,

"බුදු රදුන්ගේ සර්වඥ ධාතු තැබීම පිණිස මූන්ජාවාම්ද ගේ පූත්‍ර ශිවාරක්ෂිත ගේ පූජාවකි" 


මෙම ලිපි දෙකම මගින් එකම කරුණ තහවුරු වේ.


ඒ තුළ තිබී කුඩා රන් කරඬුවක් සොයා ගත් අතර එය බිම්රාන් කරඬුව ලෙස ප්‍රසිද්ධ විය. 




දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති මෙහි කාල නිර්ණයන් මගින් මේ කරඬුව ක්‍රිපූ 10 වන වර්ෂය හා ක්‍රිව 10 වන වර්ෂය අතර කාලයට අයත් බව තහවුරු කර ඇත.

හමුවන අවස්ථාවේදී මෙ කරඬුව පියන රහිතව තිබී ඇති අතර බුදු රදුන්ගේ ධාතු කිසිවක් ඒ තුළ තිබී නැත. 


ඒ තුළ තිබී indo-scythian රජ කෙනෙකු වන Kharahostes හෝ ඔහුගේ පුත්‍රයා වන Mujatria ට අයත් ( මුලින් Azes I හෝ Azes II රජවරුන්ට අයත් සේ සැලකුණ) කාසි සොයාගෙන ඇත.

කුඩා සිලින්ඩරාකාර රන් කරඬුවක් වන මෙහි උස 7cm පමණ වන අතර ගාන්ධාර සම්ප්‍රදායට අයත් නිර්මාණයක් සේ සැළකේ. 

මෙහි මතුපිට කැටයම් වලින් අලංකාර කර ඇති අතර බුද්ධ රූප දෙකක් හා ඒ දෙපස වැඳගෙන සිටින බ්‍රහ්ම හා ඉන්ද්‍ර රූප දෙක බැගින් හා ඒ අතර ඇති බෝධිසත්ව රූප දෙකක් හා හංස රූප කැටයම් කර ඇත. 


බුද්ධ රූපය 




මෙය ගාන්ධාර සමයට අයත් වන අතර මෙතෙක් සොයාගෙන ඇති බුද්ධ රූප වලින් මුල්ම කාලයට අයත් ලෙස සැලකේ. අභය මුද්‍රාවෙන් යුක්ත අතර ගමන් කරන විලාසයක් දැක්වේ. දෙපස සිටින බ්‍රහ්ම හා ඉන්ද්‍ර දේව රූප බුදු රදුන්ට නමස්කාර කරන ආකාරයෙන් කැටයම් කර ඇත. 





මේ රූප අතර මැද හංස රූප කැටයම් කර ඇති අතර උඩ සහ යට මැණික් ගල් පේළි දෙකක් සවිකර ඇත. මැණික් ගල් කිහිපයක් අතුරුදහන් වී තිබී ඇති අතර අනිකුත් ගල් තවම සුරක්ෂිතව පවතී.


මේ තුළ තිබූ කාසි මෙහි කාල නිර්ණයට ඉතා වැදගත් මෙහෙයක් ඉටු කළ අතර නවතම අධ්‍යනයන් මගින් මෙම කාසි Scythian රජ කෙනෙකු වූ Kharahostes රජු විසින් නිකුත් කරන ලද කාසි බව තහවුරු කර තිබේ. මෙම කාසි ගෙවී නොමැති හෙයින් අලුත් භාවිතා නොකල  කාසි මේ කරඬුව තුළ තබන්නට ඇතැයි සැලකේ. 






වසර 2000 ක් පමණ පැරණි මේ පුරාවස්තු අතීත ඇෆ්ගනිස්ථානයෙන් හමුවීම බුදු දහම එහි පැතිරී තිබූ බවට හා බුදු රදුන්ගේ ශාරීරික ධාතු වන්දනාව එහි තිබූ බවට ඉතා කදිම සාක්ෂියකි....


මූලාශ්‍ර

 https://www.britishmuseum.org› co... Web results The Bimaran Reliquary. - British Museum

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?