ජම්බුද්වීපය සහ ලංකාද්වීපය පූජාවලිය ඇසුරින්.

බුදු රජාණන් වහන්සේ ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව. අංක - 21 ජම්බුද්වීපය සහ ලංකාද්වීපය පූජාවලිය ඇසුරින්. බුදු රජාණන් වහන්සේ ලංකාවේ යැයි ප්‍රකාශ කරන පිරිස් ජම්බුද්වීපය හා ලංකාද්වීපය මේ නූතන ලංකාවේ අතීතයේ පැවැති කොටස් දෙකක් බව පුන පූනා ප්‍රකාශ කරමින් සාවද්‍ය මතයක් තහවුරු කිරීමට උත්සාහ දරයි. එසේම එම පිරීසේම ඇතැම් කොටස් තවත් අන්තයට ගොස් සතර මහාද්වීපය ම මේ ලංකාවේ කොටස් බව පෙන්වීමට උත්සාහ කරයි. මේ කරුණු පූජාවලිය ඇසුරින් හා සරල ගණිතය ඇසුරින් සලකා බලමු. පූජාවලිය අනුව සතර මහද්වීප සහ ලංකාද්වීපය පහත පරිදි වෙයි. 1. ලංකාද්වීපය - සියක් යොදුන් ( පූජා සංග්‍රහ කථා) 2. ජම්බුද්වීපය - දස දහස් යොදුන් (සාධු නාද පූජා කථා) 3. අපර ගොයාන ද්වීපය - සත් දහසක් යොදුන් (සාධු නාද පූජා කථා) 4. පූර්ව විදේහ ද්වීපය - සත් දහසක් යොදුන් (සාධු නාද පූජා කථා) 5. උතුරු කුරු ද්වීපය - අට දහසක් යොදුන් ( සාධු නාද පූජා කථා) මේ ප්‍රමාණ ගැන සැලකිල්ලට ගෙන බලමු. යොදුන පිළිබඳව හා එහි අගය පිළිබඳව නිශ්චිත අදහසක් නැති බැවින් එය ඒකකයක් ලෙස පමණක් යොදා ගෙන සලකා බැලුවහොත් ජම්බුද්වීපය ( ද...