ධර්ම විකෘතිය
අප මහා තිලෝගුරු සිද්ධාර්ථ ගෞතම බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සමරන මේ උතුම් දිනයේ වෙන කවර කලකටත් වඩා අප සැලකිලිමත් විය යුත්තේ නිර්මල බුදු දහම විකෘති කරමින්, ත්‍රිපිටක දේශනා බොරු බව පවසමින්, බුදු රදුන් ඉපදුන බුදු උන ධර්ම දේශනා කළ හා පිරිනිවන් පෑ ස්ථාන මුළු මහත් බෞද්ධ ඉතිහාසයත් සමගම විකෘති කරමින් ගෙනියන විජාතික බලවේගවල අරමුණ නිෂ්ඵල කිරීමටයි.
එය කළ හැක්කේ නිර්මල බුදු දහම හා නිවැරදි ඉතිහාසය සොයා දැන ගැනීම තුළිනි.
සරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම් දම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත් උන්වහන්සේ අවබෝධ කළ ගැඹුරු ධර්මය දේව් මිනිස් සත්වයින්ට අවබෝධ කළ නොහැකි තරම් ගැඹුරු දහමක් වන බැවින් ඒ දහම දේශනා කරම්ද නොකරම්ද යන බව සිතූ උන්වහන්සේ අවසානයේ දහම දේශනා කරන්නට තීරණය කරනුයේ මහා බ්‍රහ්ම විසින් දේව් මිනිස් සත්වයන්ගේ යහපත පිණිස ධර්මය දේශනා කරන ලෙස ආරාධනා කිරීමෙන් පසුවය.
දෙව් මිනිස් සත්වයන්ට අවබෝධ කිරීමට එතරම් අසීරු යැයි බුදු රදුන්ම දේශනා කළ දහම සුනීත සෝපාක වැනි අයත් අවබෝධ කළ බව පවසමින් සරලව කාටත් තේරෙන දහමක් බවට පත් කර විකෘති කර නිර්මල බුදු දහම විනාශ කරමින් පවතී.
බුදු දහම අනුව නිවන් අවබෝධයට සියල්ලෝම සුදුසුකම් නොලබන අතර ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ලැබූ අයට පමණක් මේ භවයේදීම විදර්ශනා වැඩිමෙන් නිවන් අවබෝධ කළ හැකි බව දේශීතය.
එසේම සුනීත සෝපාක වැනි රහතන් වහන්සේලා ගේ නිවන් බව ලබා ගැනීමට හේතු රේරුකාණේ චන්දවිමල හිමියන් ගේ මෙම විස්තර පාඨයෙන් කදිමට පැහැදිලි වේ.
"විදසුන් වඩා එක ජාතියෙක දී කරන උත්සාහයෙන් ම කෙනකුට මඟ-පල ලැබෙන්නේ නොවේ. මේ ජාතියේ දී විදසුන් වඩා මඟඵල ලැබිය හැකි වන්නේ පෙර ජාති වල දී විදසුන් වඩා තිබූ අයටය. මඟ පල ලැබිය හැකි පමණට විදර්ශනා ඥානය මෝරන්නට ජාති ගණනක් ගත විය හැකිය. විදර්ශනා වැඩීම් ආදි වශයෙන් පෙර ජාතිවල දී පුරන ලද පාරමිතා ඇතිව මඟ පල ලැබීමට සුදුසු ව විසූ පින්වත්හු බුද්ධ කාලයේදී ද එයට සමීප කාලයේදී ද සමූහ සමූහ වශයෙන් මඟඵල ලබා නිවන් දුටහ. බුදුන් වහන්සේ බුදුවී බොහෝ කල් ඉකුත් වී ගිය බැවින් මඟ ඵල ලැබීමට සුදුසුව විසූ අය දැනට බොහෝ සෙයින් මඟ ඵල ලබා අවසන් වී යන්නට ඇත. තවත් ඇතිනම්, ඇත්තේ ස්වල්ප දෙනෙකි".
එබැවින් පෙර ආත්ම බාව වල විදර්ශනා වඩා ප්‍රඥාව දියුණු, පාරමිතා සම්පූර්ණ කර සිටී අය මේ ආත්ම භාවයේ කෙටි උත්සාහයක් දරා නිවන් අවබෝධ කළ බව තේරුම් ගත යුතුය.
එසේම නිවන් අවබෝධයට හේතු සම්පත් නැති පුද්ගලයන් බුදු රදුන්ගෙන් වුවත් බණ ඇසුවද කුසල් දහම් හි යෙදුනද නිවන් අවබෝධ තබා මගඵල වත් නොලබන බවත් එයට හොදම උදාහරණ කොසොල් රජු හා මල්ලිකා දේවිය බවත් උන්වහන්සේ සඳහන් කරයි.
එසේම නිවන් අවබෝධ කළ නොහැකි ත්‍රිහේතුක ප්‍රතිසන්දියෙන් උපත නොලත් අයට පිරිය යුතු පැහැදිලි මාර්ගයක් බුදු රදුන් දේශනා කර ඇත.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් කුසල් සිදු කරමින් දුගතියේ නොවැටී නිර්වාණ අවබෝධය තෙක් යෑමට සෑම අයෙකුටම ගමන් කළ යුතු මාර්ගයක් පෙන්වා දී ඇත.
එතරම් පැහැදිලිව බුදු රජාණන් වහන්සේ පෙන්වූ මාර්ගයේ ගමන් නොකොට කාටත් අවබෝධ වන සරල ධර්මය සරණ ගොස් මාර්ග ඵල ලබා ගෙන ක්ෂණික නිවන් අවබෝධ කළ නොහැකි බවත් ඒ මිථ්‍යාදෘෂ්ටිය සරණ ගොස් මේ බුද්ධ කල්පයෙම සතර අපායම මිස වෙන ඵලයක් ලබා ගත නොහැකි බවත් පැහැදිලිය.
තමන්ට අවශ්‍ය ආකාරයට ලෝකය නොපවතින බව සිදුවීම් සිදු නොවන බව දුක ලෙස ප්‍රකාශ කිරීමට සම්මා සම්බුදුවරු අවශ්‍ය නොවේ.
බුදු රජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය එය නොව පටිච්චසමුප්පාදය, හේතුඵල දහම අනුව පවතින අවිද්‍යාව නිසා නොපෙනෙන ඉතා ගැඹුරු දහමකි.
ඒ බව නොදැන සරල, කාටත් තේරෙන මිථ්‍යාදෘෂ්ටික දහම සරණ ගොස් සතර අපායේ නොවැටී, නිර්මල බුදු දහම හැකි පමණ නුවනින් අවබෝධ කොට තමන්ට සුදුසු ප්‍රතිපදා මාර්ගය තෝරාගෙන සියලු කෙළෙසුන් නාසා බුදු, පසේ බුදු, රහත් යන තුන් බෝධියෙන් නිවන් අවබෝධයට පිළිවෙත් පිරුමට පෙළ ගැසෙන මෙන් ඉල්ලා සිටිමි.
තෙරුවන් සරණයි.
මෙහි උපුටා ගන්නා ලද වචන බොහොමයක් මුල් කෘතියට පටහැනි ලෙස දක්වා ඇත.
ReplyDelete1. සිද්ධාර්ත.- සිදත -ම,ව. මුල් පිටපත
2. ගෞතම - ගොතම -ම, ව. මුල්පිටපත්
3. නිවන/නිවන්/නිර්වාන ----නිබ්බාන -ඕනෑම ත්‍රිපිටක පෙල දහම බලන්න. (පරිවර්තනය නොවේ)
විකුර්තියට එරෙහි වීමට ප්‍රතම විකුර්තිවන වචන නිවැරදි කල යුතු නොවෙද?
එම වචන වැරදි වන ආකාරය පැහැදිලි කරමූ බලන්න එහෙනම්
Deleteදෙවනුවට සදහන් වචන සින්හල හෙල බස වන අතර ඔබතුමා සදහන් කර ඇති වචන සියල්ල සංස්කෘත වේ. නිවන යනවචනය සංස්කෘත නිර්වාන යන වචනයෙන් කැඩී ආ එකකි. එය විස්තර කිරීමට නොහැක.
ReplyDeleteඉතින් මේ මම භාවිතා කළ වචන වැරදි වන්නේ කෙසේද?
Delete