සත්‍ය සල් ගස කුමක්ද????
බුදු රදුන් ඉපදුන හා පිරිනිවන් පෑම යන අවස්ථා දෙකෙහි දීම සල් ගස ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
මෙම නිවැරදි සල් ගස පිළිබඳව බොහෝ අයට නිවැරදි අවබෝධයක් නොමැති බව බොහෝ දෙනෙක් කරන ප්‍රකාශ වලින් තහවුරු වන කරුණකි.
එබැවින් කුමක්ද මේ බුදු රදුන්ට සම්බන්ද නිවැරදි සල් ගස යන්න සොයා බලමු.
විවාදයට තුඩු දී ඇත්තේ ගස් වර්ග දෙකකි. එනම්
a) ලංකාවේ විහාරස්ථාන වල දක්නට ලැබෙන අප සල් යනුවෙන් හඳුන්වන ශාකය හා
b) උතුරු ඉන්දියාවේ දක්නට ලැබෙන සල් හෙවත් සාල නමින් හැඳින්වෙන ශාකය යි.
මේ ශාක දෙක ගැන කරුණු සලකා බලමු.
1) ලංකාවේ අප සල් යනුවෙන් හඳුන්වන ශාකය.
a) කාලතුවක්කු උණ්ඩ ගස හෙවත් cannon ball tree යන නමින් හඳුන්වන මෙම ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය Couroupita guianensis යන්නයි.
b) එහි නමින්ම පෙනෙන පරිද්දෙන් මෙහි නිජභූමිය ආසියානු කලාපයෙන්ද බැහැර මධ්‍යම හා දකුණු ඇමරිකාවේ ඝර්ම කලාපීය වනාන්තර වලට හිමි වෙයි.
c) මෙම Couroupita ගණයේ තවත් ශාක කිහිපයක් ඇති අතර ඒවා සියල්ල දකුණු ඇමරිකානු කලාපයට සීමාවී ඇත.
d) මෙම ශාකයේ වසර පුරාම මල් හටගන්නා අතර 6cm පමණ අප කවුරුත් දැක ඇති ලොකු මල් ශාකයේ කඳ දිගට හටගනී.
e) එසේම මෙම ගසට කාලතුවක්කු උණ්ඩ ගස යන නම ලැබීමට හේතු වන කාලතුවක්කු උණ්ඩයක් වැනි ගෙඩි කඳ දිගට හටගනී.
f) විශේෂිත කරුණ වන්නේ මේ ශාකය අපේ රටේ තබා ආසියානු කලාපයේ වත් නොමැති ගසක් වන අතර වර්ෂ 1881 දී බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට හඳුන්වා දී ඇත.
g) බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් මෙම ශාකයට සල් යන නම ව්‍යවහාර වන්නට පටන් ගත්තේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරක් නැත.
h) මෙහි මලේ මැද ඇති බුබ්බුලාකාර කුඩා කොටස ශිව ලිංගයක් ලෙස සලකන හින්දු බැතිමතුන් එය වසා ගෙන උඩින් ඇති පේත්ත නාග පෙනයක් ලෙස සලකයි.
i) මගේ පෞද්ගලික මතය නම් මේ
මැද කොටස කුඩා චෛත්‍යක් ලෙසද දිස් වන බැවින් බෞද්ධයන් බුදු රදුන්ට සම්බන්ද සල් ලෙස වරදවා ව්‍යවහාර කරන්නට ඇති බවයි.
2. උතුරු ඉන්දියාවේ ඇති සල් ශාකය
a) සල්, ශාල නමින් හැඳින්වෙන මෙම ශාකය Shorea robusta යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි.
b) මෙහි නිජභූමිය මධ්‍යම හා උතුරු ඉන්දියාව, නේපාලය සිට බංග්ලාදේශය හරහා බර්‍මාව දක්වා ප්‍රදේශය විහිදී ඇත.
c) ජුනි මාසයේ පමණ ගස පුරා විහිදී පැතිරී කුඩා කහපාට මල් හටගන්නා මෙහි පළ දරනු ලබන්නේ ජූලි මාසයේ පමණය.
d) බුදු දහමට අමතරව සල් ගස හින්දු හා ජෛන ආගම් වලද පූජනීය තත්වයෙන් සලකනු ලබයි.
e) shorea ගණයට අයත් අනෙක් ශාක විශේෂ සියල්ලම පාහේ ආසියාව නිජභූමිය කරගත් ශාකයන් වෙයි.
3. මෙම ගස් දෙකෙන් බුදු රදුන්ට සම්බන්ද සල් ශාකය කුමක්ද යන්න විග්රහ කර බලමු.
4. 1881 වර්ෂයේ බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට හා ආසියාවට හඳුන්වා දුන් cannon ball ශාකය බුදු රදුන් ඉපදුන හෝ පිරිනිවන් පෑ සල් ශාකය වීමට කිසිදු ඉඩක් නැත.
5. මෙම cannon ball ශාකය 19 වන ශතවර්ෂයට පෙර ආසියාව පුරා හෝ ලංකාව පුරා පැතිරී තිබූ බවට ඓතිහාසික හෝ උද්භිද විද්‍යාත්මක සාක්ෂි නැත.
6. එසේම shorea robusta ශාකය බුදු රදුන් උපත ලද ලුම්බිණිය හා පිරිනිවන් පෑ කුසිනාරා නුවර උපවර්තන සල් උයනේ වැනි ප්‍රදේශ නිජභූමිය කරගෙන අදටත් ඇති ශාකයකි.
7. එසේම බුදු රදුන් පිරිනිවන් පෑ අවස්ථාවේ තිබූ සල් ශාකය ගැන මහා පරිනිර්වාණ සූත්‍රයේ කරුණු දක්වා ඇත. ඒ කරුණු මගින් තහවුරු වන්නේ කුමක්ද යන්න විමසා බලමු.
8. පරිනිර්වාණ සුත්‍රයේ පැහැදිලිව උපවර්තන සල් උයනේ බුදු රදුන් සල් ගස් දෙකක් අතර උතුරු දෙසට හිස තබා සැතපුන බව සදහන්ය.
9. එසේම මෙම සල් ගස් වල සැමතැනම මල් පිපි මල් වලින් ගැවසී තිබූ බව පැහැදිලිව සඳහන් කර ඇත.
10. එබැවින් කඳේ යට කොටසේ පමණක් මල් පිපෙන cannon ball ශාකය මේ විස්තරයට නොගැළපෙයි.
11. එමෙන්ම මහා පරිනිර්වාණ සුත්‍රයේ පැහැදිලිව බුදු රදුන් දේශනා කරන ආකාරයට දෙවියන් විසින් මේ සල් මල් බුදු රදුන්ගේ සිරුර මත වැටෙන සේ මේ ගස් සොළවන ලද බවයි.
12. එබැවින් ගසේ කඳේ පමණක් මල් පිපී තිබූ cannon ball ගස් දෙකක් අතර බුදු රදුන් සැතපී සිටියේ නම් ගස් සොලාවන විට බුදු රදුන්ගේ සිරුරට මල් වැටීම සිදු නොවීය හැකි අතර shorea robusta ගස් දෙකක් අතර සැතපී සිටියේ නම් මේ විස්තරය කදිමට ගැලපෙයි.
13. එසේම cannon ball ශාකයේ විශාල මල් ඇගට වැටුණේ නම් සිදුවන අපහසුතාවය සිතා ගත හැකි අතර දෙවියන් විසින් බුදු රදුන් පිරිනිවන් මංචකයේ වැතිරී සිටින විට ඒවන් විහිළු සිදු කළේ යැයි සිතීම පවා මිථ්‍යාවකි.
14. එසේම වර්ෂයේ සෑම කලයකම පාහේ මල් සහ ගෙඩි දකින්නට ඇති මෙම cannon ball ගස් සෙළවුවේ නම් මෙහි ඇති කාලතුවක්කු උණ්ඩ වැනි ගෙඩි සිරුර මතට වැටුණේ නම් සිදුවන දේ සිතා ගත හැකි නොවන්නේද?
15. එසේම පරිනිර්වාණ සුත්‍රයේ පැහැදිලිව දක්වා ඇති පරිදි මෙම සල් මල් අකලට පිපුන මල් වෙයි.
16. වර්ෂය පුරාම මල් පිපෙන cannon ball ශාකයේ අකලට මල් පිපෙන්නේ කෙසේද??
17. Shorea robusta වල මැයි මාසයේ මල් පිපී තිබීම අකලට සිදු වූ බව පවසන ත්‍රිපිටක දේශනාව සමග මැනවින් ගැලපෙන්නේ ය.
18. එබැවින් ත්‍රිපිටකයේ සඳහන් විස්තරය සමග මැනවින් ගැලපෙන්නේ shorea robusta හෙවත් සල් ගස මිස ලංකාවේ දක්නට ලැබෙන cannon ball (Couroupita guianensis) ශාකය නොවන බව තහවුරු වෙයි.
19. අන්තර්ජාලයේ ද මෙම ශාක වර්ග දෙක මාරු කර පටලවා සඳහන් කර ඇති අවස්ථා බහුල වන අතර බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිස් මේ වැරදි තොරතුරු කර තබාගෙන shorea robusta යනු ලංකාවේ ඇති cannon ball ශාකයම බව තහවුරු කිරීමට බොළඳ උත්සාහයක් දරමින් සිටියි.
20. සුද්දන් ඉතිහාසය විකෘති කළ බව පවසමින් හෙළ ඉතිහාසය සුද්දගෙන් බේරා ගැනීමට සැරසෙන මොවුන් සුද්දා දකුණු ඇමරිකාවෙන් ලංකාවට ගෙන ආ cannon ball ගසේ සරණ පැතීම දෛවයේ සරදමක් නොවන්නේද????
සැබෑ හෙළ බෞද්ධයන්ගේ නුවණැති විමසුමට පමණි.....
තෙරුවන් සරණයි.
මනෝජ් කුමාර.
පූජාවලියෙ 7 වන කොටස සාදු නාද පූජා කතා, පිටු අංක 108,සහ 109 හි සදහන්වන "නේපාලයෙහි බුද්ධාදීහු නූපදිනාහුය" යි සදහන් වේ. තවද දොරගොඩ අස්න,රාජාවලිය හි වන්නි රාජාවලියෙහිත් බුද්ධාදීහු නූපදින ස්තාන ලෙස නම්කර ඇති අටවන ස්තානයෙ නෙපාලය සදහන් වේ.
ReplyDeleteමේ නේපාල කතාවට වෙනම පෝස්ට් එකකින් සියල්ල පැහැදිලි කර ඇත. කරුණාකර එය කියවන්න
Deleteඅර දෙයියො මල් වට්ටන්ඩ ගහ හොල්ලද්දි වෙන මුකුත් වැටෙන්ඩ නැතුව ඇති නේද..ගහ වැටුනනම් එහෙම අවුලක්නෙ.මල් ටික කඩල පූජ කරන්ඩ වෙලාව මදි ඇති.ශ්රද්ධාවන්ත කම ඉහටත් උඩින් ගිහිල්ලා දෙයියන්ගෙ.අපේ සල් ගහක් තිබිල ඒ ගෙඩියක් වැටුනනම් මහා විනාසයක්නෙ වෙන්නෙ.කාලතුවක්කු වලට දාන ඒවනෙ..ඒකනෙ.
Deleteමෙ සියල්ල මොහොතකට පැත්තකින් තබා, මෙ ගැන සිතන්න, ඉන්දියාවෙ රජගහ නුවර සිට කිබුල්වත් පුරයට දුර කි,මී, 400 කට වැඩියි. මෙවැනි දුරක් දරුවෙක් හම්බවෙන්න ඉන්න මවක් අස්ස කරත්තයකින් වත් යයිද. විකුර්තිය කාගෙද? ඇනික මෙ සියලුම පුරාන ග්‍රන්ත ලන්කාවෙ පමනයි, ඇයි පාවා දෙන්න මෙතරම් උත්සාහයක්. මගෙ ඩයරියෙ ඇල්ලපු ගෙදර ගැන වැඩිපුරම විස්තර ලියන්න තරම් මීහරක් ඉතිහාසයෙත් හිටියද අදවගෙ?
ReplyDeleteමහත්මයා ඔබ සාමාන්‍ය ඉතිහාසය වත් නොදැන කතා කරන බව පැහැදිලියි. මහාමායා දේවිය රජගහ නුවර සිට ගියා කියන්නේ සම්පූර්ණ වැරදි කතාවක්. ඇය ගියේ කපිලවස්තු පුර සිට සිට ලුම්බිණි සල් උයනට. එතන දුර 60km තියෙන්නේ. මේ වගේ විකෘති කරන්න කලින් අඩුම ගානේ google map එක බලන්න ✌️✌️✌️✌️
Deleteඒ කියන්නෙ මහාමායා දේවිය මාලිගාවෙන් පිටත් වෙලා තියෙන්නෙ සල්වනයට යන්ඩ හිතාගන නේද.දැනං හිටියෙ නෑ ඒක.
Deleteමේ ලංකාවේ බුදුන් උපන්නා කියන අයගේ චින්තන ශක්තිය මොනවගේද කියලා මේ දාන කොමෙන්ට් වලින් තේරෙනවා. හරිම ලාමක තර්ක
Deleteඔය කියන ගොන් තර්ක අනුව මහා ඇලෙසැන්ඩර් අධිරාජයා ග්‍රීසියෙ ඉඳල ඉන්දියාව දකවා කව්දාවත් ඇවිත් නෑ. කිලො මීටර 8000ක් විතර කන්දු පල්ලම් බැහැ බැහැ යයිද කියල මේ මීවන්පලානෙගෙ ගෝල සෙට් එක අහයි. මේ ගොල්ලන්ව අර මර්වින් සිල්වා පර්ලිමේතුවෙ කතාකරන භාෂාවෙන් තමයි හන්දුවන්න් වෙන්නෙ
Deleteදැන් එතකොට සල්වනයෙ සිදුහත් කුමාරය උපදින බව දැනගෙන මහාමායා දේවිය ගියෙ සල් වනයට.කොහෙද මහත්තයො එහෙම කතාවක් තිබ්බෙ.අපි මෙච්චර කල් දැනන් හිටියෙ මහමාය දේවිය පිය පාර්ශවය දකින්න කපිලවස්තුපුරට යන අතරමගදි සිදුහත් කුමාරය ඉපදුනා කියල.අපේ ඉතිහසය ඇයි ඔය විදිහට වෙනස් කරන්නෙ.ඔකට කියන්නෙ කන්න ඕනෙ උනාම කබරගොයත් තලගොයා කරනව කියලා.මොඩ මිනිසුනේ ත්‍රිපිටකය හරියට කියවපල්ල ,අනෙක් ග්රන්ථ බලපල්ල.බුදුන්වහන්සේ ඉන්දියාවෙ පහල උනාද ලංකාවෙද කියල කියන කරුනු මධයස්තව බලපල්ල.ඇත්ත තෙරෙයි.තම මතය විතරක් ඔප්පු කරග්නන දගලන්න එපා.නැත්තම් හැමදාම ඉන්දියාවෙ ජයින මහාවීරට වැද වැද ඉමු.ලංකවෙ බුද්ධ ඉතිහාසය පිලිබද වැදග්ත් ස්තාන තම්බිටික අල්ලල විනශ කරලම දායි උබලට නින්ද යයිනෙ එතකොටම්
ReplyDeleteසල්ගසේ ගෙඩි cannon ball හිනායන තර්කමේව.දැන් එතකොට දැන් ඔබකියන විදිහට දෙවියො සල් ගසහොල වද්දි අච්චර ලොකු ගෙඩි වැටෙන නිසා එකනියම සල් ගස නෙමෙ.මහත්තයො එදා බුදුන් පිරිනිවෙන දවසෙ පිපිල තිබ්බෙ අකලට පිපුන මල් කිය්ල නෙඩ් තිබ්බෙ.හරි දැන් එතකොට ඔබ කියන කාරනය නිස අපි සල් ගස මාරු කරන්න ඔනෙ ඔබ පෙන්නන අසෝක ගසට.කරුණාකර මෙවැනි කරනා ගැන සකච්ච කරන විට මීට වඩා බුද්ධිමත්ව කරුනු ඉදිරිපත් කරන්න.
ReplyDelete,මීට වඩා මොන බුද්ධිමත් ඉදිරිපත් කිරීම්ද, විද්‍යාත්මක නම් එක්කම ඉදිරි පත් කොට තිබියදි, අපි සල් කියන සල් නොවන සල් ගහෙ, නිජ බිමත් දක්වා තිබෙනවා තවත් මොන කතාද?
Deleteඅපේ රටේ බුදු දහම පිහිටියට වැරදි සල් හස නිවැරදි කරන්න දන්නා උත්තමයෙක් නොහිටින්න ඇති නේද?
Delete