Posts

Showing posts from November, 2021

පූජනීය ලුම්බිණියේ පුරාවිද්‍යාත්මක කැණීම් ඉතිහාසය

Image
 සිදුහත් බෝසතුන් උපත ලද පූජනීය ලුම්බිණියේ පුරාවිද්‍යා කැණීම්. ලුම්බිණියේ ඉතිහාසය පසුගිය ලිපි වලින් සාධක සාක්ෂි වලින් පෙන්වා ඇති අතර එය සම්පූර්ණ කිරීම සඳහා එහි සිදුකළ පුරාවිද්‍යා ගවේෂණ පිළිබඳව මෙසේ ඉදිරිපත් කරමි. 1885 වර්ෂයේ ඩන්කන් රිකට්ස් මහතා සහ ඊට පසුව නේපාල ජෙනරාල් Khadga Shameshar විසින් ලුම්බිණි ටැම් ලිපියේ ඉහළ තිබූ රිපු මල්ල ලිපියේ ස්පර්ශ ලාංඡන ලබාගැනීම වර්තමාන පුරාවිද්‍යා ක්‍රම්වේද මුලින්ම ලුම්බිණියේ භාවිතා වූ අවස්ථාවන් වුවත් විධිමත් පුරාවිද්‍යා ගවේශනයන් ලෙස ඒවා සැලකිය නොහැක. ලුම්බිණියේ මුල්ම පුරාවිද්‍යා කැණීම නේපාල ජෙනරාල් Khadga Shameshar විසින් 1896/97 වර්ෂය සඳහා සිදුකරන ලද අතර ඔහු විසින් ලුම්බිණි ටැම් ලිපියේ යටව තිබූ කොටස කැණීම් කර අශෝක ටැම් ලිපිය නිරාවරණය කර එහි ස්පර්ශ ලාංඡන ලබාගන්නා ලදී. එම වර්ෂයේ ලුම්බිණි කැණීම් එතකින් අවසන් වන අතර නැවත කැණීමක් සිදුවන්නේ පූර්ණ චන්ද්‍ර මුඛර්ජි මහතා යටතේ 1899 වර්ෂයේ දීය. එහිදී කරුණු පහක් යටතේ ලුම්බිණිය සනාථ වන බව එම වාර්තාවට පෙරවදන සපයන V.A. ස්මිත් මහතා ප්‍රකාශ කරයි. 1.) රුම්මින් යන ප්‍රාදේශීය නාමය ලුම්බිණි නාමයෙන් බිදී ආ නාමයක් වීම. 2....

ලුම්බිණියේ ඉතිහාසය 2 කොටස

Image
 පළමු කොටස හා සම්බන්ධය https://vikurthiyataerehiwa.blogspot.com/2021/09/blog-post.html අනතුරුව ඉන්දීය උප මහාද්වීපය සිය අණසකට නතුකරගත් බ්‍රිතාන්‍යය එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් ක්‍රමයෙන් හඳුනාගත් අතර ලුම්බිණිය සහ කපිලවස්තු නුවර සොයාගැනීම පිළිබඳව මුල්ම උත්සාහය වර්ෂ 1831 දී J.H. Klaproth විසින් ආරම්භ කර ඇත. එසේම ඉන් පසුව ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා ද චීන භික්ෂූන් වහන්සේලා ගේ වාර්තා පදනම් කරගෙන ලුම්බිණිය සහ කපිලවස්තුව සොයා ගැනීමට උත්සාහ ගත් නමුත් මේ උත්සාහයන් සියල්ල අසාර්ථක වූ අතර දහනම වන සියවසේ අග දශකය වනතුරු ලුම්බිණිය සහ කපිලවස්තු නගරය සොයාගැනීමට ගත් උත්සාහයන් සාර්ථක නොවීය. නමුත් කපිලවස්තු පුරය සහ ලුම්බිණිය පිහිටිය යුතු ප්‍රදේශය ලෙස ඉන්දියාවේ ගොරොක්පූර් සහ නේපාල Tarai ප්‍රදේශ ඇතුළත් කොටස විය යුතු බවට ඒ පිළිබඳ අවධානය යොමු කළ ගවේශකයන් බොහෝ දෙනෙකු 19 වන සියවසේ අග දශකය වන විට අනුමාන කර තිබිණි. එසේම ලුම්බිණියේ ඇති අශෝක කුළුණ (ලුම්බිණිය බව නොදැන) පිළිබඳව ප්‍රදේශයේ වතු හිමියකු ලෙස සිටි ඩන්කන් රිකට්ස් මහතා විසින් V.A. ස්මිත් මහතා වෙත 1885 දී දන්වා ඇත. ඒ බව රාජකීය ආසියාතික සංගමයේ 189...