ලුම්බිණි ටැම් ලිපිය සහ ඇන්ටන් ෆියුරර්

ලුම්බිණි ටැම් ලිපිය හා ඇන්ටන් ෆියුරර් පිළිබඳ සත්‍යය. බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක 24 බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිස නිතරම අලවන, ඔවුනට බුදු රදුන් ඉන්දියාවේ නොවන බව පෙන්වීමට ඇති වටිනාම සාක්ෂියක් ලෙස සලකන ලියවිල්ලක් නම් 1899 අගෝස්තු 31 දින නිකුත් කළ ඇන්ටන් ෆියූරර් මහතාගේ සේවය අත්හිටවූ බව සඳහන් "Memorandum" ( සිහිකැඳවූම් ලිපිය) එකයි. මෙම ලිපිය ඉදිරිපත් කරන මේ පිරිස පහත තර්ක ඉදිරිපත් කරයි. 1. ලුම්බිණිය සොයාගත්තේ ඇන්ටන් ෆියුරර් මහතා විසිනි. 2. ලුම්බිණි සෙල් ලිපිය ඔහු විසින් හොරට සැකසූ එකකි. 3. මෙම සිහිකැඳවුම් ලිපිය මගින් ඔහු සොයාගත් සියල්ල බොරු බව තහවුරු කරයි. 4. එබැවින් ලුම්බිණි ටැම් ලිපිය බොරුවකි. 5. ඒ නිසා ලුම්බිණිය බොරුවකි. දැන් මේ සිහිකැඳවුම් ලිපියේ සඳහන් වන කරුණු සහ මේ පිරිස පවසන මේ කරුණු සලකා බලමු. 1. මේ ලිපිය අනුව ඇන්ටන් ෆියූරර් මහතා ගේ සේවය 1898 ඔක්තෝබර් 28 දින සිට අවසන් කර ඇත. 2. එසේම ඔහු පිළියෙල කළ 1897-1898 වර්ෂය සඳහා වන පුරාවිද්‍යා වාර්ෂික ප්‍රගති වාර්තාවේ බහුලව වැරදි සිදු කර ඇත. ( ~ Numerous inaccuracies in Dr. Fuhrer's progress report for ...