Posts

Showing posts from October, 2020

යොදුන පිළිබඳ මිථ්‍යාව

Image
 යොදුන සහ ගව්ව. බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක 22 බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිසට ඇති ලොකුම හිසරදයක් නම් ත්‍රිපිටකය, අටුවා සහ වෙනත් පැරණි මූලාශ්‍ර වල ඇති ස්ථාන අතර දුරවල් ලංකාව සමග කිසිසේත්ම ගැලපිය නොහැකි වීමයි. යම් තරමකට හෝ එසේ ගලපා පෙන්වීමට නම් යොදුන ඉතා කුඩා දුරක් බව තහවුරු කර පෙන්වීම කළ යුතු විය. ඒ සඳහා ඔවුන් ඉතා කදිම උදාහරණයක් සමග මනරම් ගණනය කිරීමක් ද සකස් කර ඇත. ඔවුන් සාධක සාක්ෂි ලෙස පෙන්වන කරුණ හා ගණනය කිරීම විධිමත් ලෙස සලකා බලමු. ඔවුන් ගෙන එන මතය සරලව ගතහොත්, "ගැල් සියයක් ගව්ව ලෙස සඳහන් කර ඇති බැවින් ගැලක් අඩි 12 ක් ( මිටර් 4ක්) වන බැවින් ඒ වැනි ගැල් සියයක් ගව්වක ඇතැයි ගෙන ගව්ව මිටර් 400 ක් ලෙස සලකයි. එමගින් යොදුන යනු ගැල් හතරක් බැවින් යොදුන 1600m හෙවත් 1.6km හෙවත් සැතපුම් එකක් ලෙස ගණනය කර පෙන්වයි". ගැලක දිග = අඩි 12= මිටර් 4 ගැල් 100 = 4 × 100= 400 මිටර් ගැල් සියය = මිටර් 400 ගව්ව = මිටර් 400 ගව් හතර = යොදුන යොදුන = 400 × 4= 1600m = 1.6km සැතපුම් 1 = 1.6km එනම්  යොදුන = සැතපුම් ඒකයි = 1.6km මේ ඉහත ගණනය සත්‍යයක් වීමට නම් මෙම ගැල් සියය අතර මැදින් ඉඩක...

යොදුන සහ ගව්ව

Image
 ගව්ව සහ යොදුන. ගව්ව සහ යොදුන සලකා බැලීමේදී පහත පරිදි වෙයි. යොදුන = ගව් 4 ගව්ව = ඉස්බ 80 බුදු රදුන් ලංකාවේ බව පවසන කණ්ඩායමට ඒ බව තහවුරු කිරීමට යොදුන හා ගව්ව අතීත ජම්බුද්වීපයේ ප්‍රමාණයට නොව ලංකාවට ගැලපෙන පරිදි විකෘති කර කුඩා කර දක්වා ඇත. ඔවුනට අනුව  ගව්ව = මිටර් 400 යොදුන = කිලෝමිටර් 1.6 කී එසේ නම් ඔවුනගේ යොදුන සහ ගව්ව අර්ථකථනය අනුව ඉස්බ = 400 ÷ 80 = මිටර් 5 කී ඉස්බ = මිටර් 5 කී. මෙලෙස ගත් විට සිදුවන විකෘතියේ තරම කෙතරම් විහිළු සහගත ද යන්න පහත උදාහරණයෙන් කදිමට දැක බලාගත හැක. මහාවංසයේ 23 වන පරිච්ඡේදයේ විස්තර කරන දුටු ගැමුණු රජුගේ යෝධයන් පිළිබඳ විස්තරයේ ඵුස්සදේව යෝධයා ගැන ඇති සඳහනේ ඔහුගේ දුණු විදීමේ හැකියාව පිළිබඳව වර්ණනා කර ඇත. එහි ඵුස්සදේව යෝධයා හට ගොඩබිම අට ඉස්බක් දුරට දුන්නෙන් විදීමේ හැකියාව තිබූ බව පවසයි. දැන් අපි ජම්බු විද්වතුන් ගේ යොදුන් ගව් අර්ථකථනය මෙයට ආදේශ කර බලමු.  ඒවිට ඵුස්සදේව යෝධයා ගේ දුන්නෙන් විදීමේ දුර මීටර් 40 කි. විහිළුවක් නොවේද මේ දුර.. එසේම තවත් ජම්බු විද්වතුන් පිරිසක් යොදුන යනු යෝදයෙකු දුන්නෙන් විදින දුර ලෙස අර්ථකථනය කරයි. එයද පදනමක් නැති හිතළු කතාවක් බව...

මහාවංසයෙන් හෙළිවන යොදුන

Image
 මහාවංසයෙන් හෙළිවන යොදුන.. යොදුන ගැන අතිශයෝක්ති මෙන්ම ව්‍යාජ මත සමාජ ගත කරන බුදු රදුන් ලංකාවේ බව පවසන කණ්ඩායම මේ දිනවල යොදුන යනු සැතපුමක් බව මතයක් ප්‍රචාරය කරමින් සිටියි. එය එසේ නොවන බව මහාවංසයේ එන මෙම තොරතුරු අනුව පැහැදිලි වෙයි. මහාවංස යේ විසිතුන් වන පරිච්ඡේදයේ දුටුගැමුණු රජුගේ යෝධයන් පිළිබඳ සඳහන් වන විස්තරය සලකමු. එහි සුරනිමල යෝධයා ගැන ඇති විස්තරයේ දීඝාභය කුමරු විසින් සුරනිමල යෝධයා කාසතොට සිට අනුරාධපුරය දක්වා යවන මෙහෙයක් ගැන කොටස තුළ කසාතොට සිට අනුරාධපුරය දක්වා යොදුන් නමයක් ඇති බව සඳහන් කරයි. අතීත කසාතොට නූතන දිඹුලාගල ප්‍රදේශයේ පිහිටා ඇති බව තහවුරු කර ඇති බැවින් යොදුන ගැන අදහසක් ලබාගත හැකිය. මෙම ස්ථාන දෙක අතර වර්තමාන දුර කිලෝමිටර් 125 පමණ වන අතර එය යොදුන් නමයක් නම් යොදුනක් කිලෝමිටර් 13.8 පමණ වෙයි. එනම් ආසන්න වශයෙන් යොදුනක් යනු කිලෝමිටර් 14 ක් පමණ දුරක් බව මෙයින් තහවුරු වෙයි. මේ අනුව යොදුනක් යනු සැතපුම ක් යන්න මේ අනුව පිළිගත නොහැකි කරුණක් බව ද සනාථ වෙයි.