අනුරාධපුරය සමුද්‍රාසන්නයේ නගරයක් ද?

හෙල බුදුන් කණ්ඩායම් අනුරාධපුරය වර්තමාන පිහිටි ස්ථානයෙන් ඉවත් කොට රටේ දකුනේ රුහුනේ බවට පෙන්වීමට ඉතා දැඩි උත්සාහයක් දරමින් සීටි. එයට හේතුව ලෙස ඔවුන් ව්‍යංගයෙන් පෙන්වන්නේ ලංකාවේ උතුරු ප්‍රදේශය ජම්බුද්විපය බවද දකුණේ ලංකාද්විපය පිහිටි බවයි. නමුත් ඔවුනගේ සැඟවුන අභිප්‍රාය නම් ක්‍රිපු 4 වන සියවසේ පමණ සිට ලංකාද්විපයේ අගනුවර වූ අනුරාධපුරය වර්තමාන ස්ථානයෙන් ඉවත් කොට උතුරේ බෙදුම්වාදී කණ්ඩායම් වලට සිය ව්‍යාජ නිජභුමිය වෙනුවෙන් අයිතිය තහවුරු කර දීමයි. ඔවුන් ඒ සඳහා ලිඛිත සහ පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි අති මහත් ප්‍රමාණයක් මගින් ඉතා නිවැරදිව තහවුරු කර ඇති අනුරාධපුරය පිලිබඳව යම් යම් ව්‍යාජ කරුණු පෙන්වමින් සැක මතු කීරිමේ මෙහෙයුමක් සිදු කරමින් සිටින ආකාරය දැක ගත හැක. එම මෙහෙයුමේ එක් අදියරක් නම් අනුරාධපුරය සමුද්‍රාසන්නයේ පිහිටි නගරයක් බවත් ඒ නිසා වර්තමාන පිහිටුම ඒ සමග නොගැලපෙන බවටත් ගෙන යන විකෘති මතයයි. මේ කාරණය තහවුරු කර පෙන්වීම සඳහා සාධක ලෙස හෙල බුදුන් කණ්ඩායම් කරුනු තුනක් ගෙන හැර දක්වා ඇත. 1.) සීහලවත්ථුවේ එන හරිතාල තිස්ස තෙරුණ්වහන්සේ ගේ කතාවේ කොටසක් උපුටා දක්වා එහි අනුරාධපුරය සමුද්‍රාසන්නයේ බවට සඳහන් වන ...