ලංකාද්වීපය ජම්බුද්වීපයේ පරිවාර කොදෙව්වකි
ලංකාද්වීපය යනු ජම්බුද්වීපයේ ප්‍රත්‍යන්ත දේශයක් හෙවත් පරිවාර කොදෙව්වකි. ජම්බුද්වීපය, අපර ගොයානය, උතුරු කුරු දිවයින සහ පූර්ව විදෙහය යන සතර මහාද්වීප වලින් ගෞතම බුදු රජාණන් වහන්සේ සිය ඉපදීම පිණිස තෝරාගත්තෙ දස දහස් යොදුන් ජම්බුද්වීපය බව පූජාවලියේ එන පංච මහා විලෝකන සටහන අනුව පැහැදිලි වෙයි. මේ ජම්බුද්වීපය මධ්‍ය දේශය, ප්‍රත්‍යන්ත දේශ සහ පරිවාර කොදෙව් වලින් සමන්විත වන අතර බුදු වරු පහළ වන්නේ මධ්‍ය දේශයේ පමණි. මේ අනුව බුදු රදුන් ජම්බුද්වීපයේ මධ්‍ය දේශය තුළ වූ කෝසල ජනපදයට අයත් ශාක්‍ය ජනපදයේ පහළ විය. එසේම බුදු රදුන් ජීවමාන කාලයේ මේ මධ්‍ය දේශයේ බුදු දහම පැතිරී ගොස් තිබිණි. පූජාවලිය සඳහන් කරන ආකාරයට ධර්මාශෝක රජු විසින් සිදුකල තුන්වන ධර්ම සංගායනාවට පසුව මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවන් විසින් මජ්ඣන්තික, මහාදේව, රක්ෂිත, යෝනක ධර්මරක්ෂිත, මහා ධර්මරක්ෂිත, මහාරක්ෂිත, මධ්‍යම, සොණ සහ මිහිඳු හිමියන් යන මහා තෙරවරුන් අමතා ~ ආයුෂ්මත්නි ! මතු හීන කාලයේහි මධ්‍ය මණ්ඩලයෙහි ජනශූන්‍ය වෙයි. ප්‍රත්‍යන්තයෙහි දේශවල් සමෘද්ධ වෙයි. එසේ හෙයින් තෙපි තෙපිද අපි සසරින් ගැලවුණුමෝ වේ දැයි උපේක්ෂා නොව ඒ ඒ දේශවලට ගොස් ශාසන පිහිටුවා...