ලුම්බිණියේ ඉතිහාසය

සිදුහත් බෝසතුන් උපත ලද පූජනීය ලුම්බිණි යේ ඉතිහාසය. (පළමු කොටස) බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක 37 බුදු රදුන්ට සම්බන්ධ පූජනීය ස්ථාන අතුරින් බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිස අතින් වැඩිම විකෘතිය ට සහ නිග්‍රහයට ලක්වූ ස්ථානය ලුම්බිණිය යි. ලුම්බිණි යේ ඉතිහාසය පිළිවෙලින් සාධක සාක්ෂි මූලාශ්‍ර සමග ඉදිරිපත් කිරිම අතිශයින් වැදගත් වන්නේ එබැවිනි. ලුම්බිණිය පිළිබඳව සඳහන් වන පැරණිම මූලාශ්‍රය ත්‍රිපිටකය යි. ◾ ඛුද්දක නිකායේ නාලක සූත්‍රය මෙසේ සඳහන් කරයි ~සො බොධිසත‍්තො රතනවරො අතුල්‍යො මනුස‍්සෙලොකෙ හිතසුඛතාය1 ජාතො, සක්‍යාන ගාමෙ ජනපදෙ ලුම‍්බිනෙය්‍යෙ තෙනම‍්භ තුට‍්ඨා අතිරිව කල්‍යරූපා.~ ~~ (සම්‍යක් සම්බෝධිසමධිගමයට නිසි) උත්තම රත්න වූ (තමහට තුල්‍යයකු නැතියෙන්) අතුල්‍යවූ ඒ බෝධිසත්‍ව තෙමේ දෙවිමිනිස්නට හිතසුව පිණිස මිනිස් ලොවැ ශාක්‍යයන්ගේ ජනපදයෙහි වූ ලුම්බිනී නම් ගම්හි උපන. එහෙයින් අතිශයින් කල්‍යරූප වූවමෝ තුටු වම්හ.~~ ◾ එසේම ඛුද්දක නිකායේ පබ්බජ්ජා සූත්‍රයේ මේ ශාක්‍ය ජනපදය හිමාලය අසල පිහිටි බව සඳහන් වීමෙන් ලුම්බිණියේ වර්තමාන පිහිටීම ගැන ත්‍රිපිටකයේ පැහදිලි ව සඳහන් බව පැවසීය යුතුය. ~උජුං ...