Posts

Showing posts from April, 2021

පුක්කුසාති රජු පිළිබඳ විකෘතිය

Image
පුක්කුසාති රජු පිළිබඳ විකෘතිය. බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක - 34 බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටින කල තක්ෂිලා නම් නුවර සිට එහි පැමිණ බුදු රදුන් බැහැ දැක දහම් ඇසු පුක්කුසාති රජුගේ කතාව විකෘති කරමින් බුදු රදුන් ලංකාවේ බව පවසන කණ්ඩායම් පහත වැරදි කරුණු ඉදිරිපත් කරයි. 1.) තක්ෂිලා නුවර සිට පුක්කුසාති රජු දින දෙකක් තුළ මෙම ගමන සිදුකළ බව. 2.) තක්ෂිලා, සැවැත් නුවර සහ රජගහ නුවර පිළිබඳ දුරවල් නොගැලපෙන බව. 3.) මේ ස්ථාන ලංකාවේ බව. මෙම පුක්කුසාති රජු පිළිබඳව සඳහන් වන්නේ ධාතු විභංග සූත්‍රයේ වන අතර ඒ පිළිබඳ වැඩිදුර විස්තර ධාතු විභංග සූත්‍ර වර්ණනාවේ සඳහන් වේ. එම සූත්‍ර වර්ණනාව ගැන සලකා බැලීමේදී අංක එකින් පෙන්වූ පුක්කුසාති රජුගේ ගමනට ගතවූ කාලය දින දෙකක් යන කරුණ එම සූත්‍ර වර්ණනාව කියවා තේරුම් ගත නොහැකි අයගේ අඳ බාල ප්‍රකාශයක් බව පැහැදිලිව තහවුරු වෙයි. එම සූත්‍ර වර්ණනා කොටස පහත උපුටා දක්වා ඇත. ~~කුල පුත්‍රයා දුර යා යුතුය. හුදකලාව මග ගෙවන්නට නොහැකිය. එක් වෙළෙන්දෙක් ලුහුබැන්දේය. සියුමැලි කුලපුත්‍රයා යද්දී පොළොව කර්කශ බැවින් කකුල බිබිලි නැග බිදෙත්. දුක් වේදනා උපදිත්. කරත්තකරු කඳවුරු...