ඇන්ටන් ෆියුහර් ඉවත් කළ වී. ඒ. ස්මිත් වාර්තාවේ ඇත්ත කතාව

Anton Fuhrer ගේ වංචා විමර්ශනය කළ V.A. ස්මිත් වාර්තාවේ ඇත්ත කතාව. බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක - 33 බුදු රදුන් ලංකාවේ බවට මිථ්‍යා මතය රැගෙන එන පිරිස ඔවුනගේ ප්‍රබලම සාධකයක් ලෙස සලකන්නේ, ඔවුන් පවසන ආකාරයට ලුම්බිණිය සොයා ගත් Anton Fuhrer මහතා ගේ වැඩ තහනම් කරමින් ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ memorandum එකයි. එය ඉදිරිපත් කරමින් ඔවුන් 1.) ලුම්බිණි ටැම් ලිපිය Anton Fuhrer විසින් හොරාට කෙටු එකක් බවත් 2.) ලුම්බිණිය ව්‍යාජ ස්ථානයක් බවත් 3.) Anton Fuhrer ගේ වාර්තා සියල්ල ඉවත් කර ඇති බවත් ප්‍රකාශ කරයි. මේ ප්‍රකාශ කිසිදු සත්‍යතාවයකින් තොර අසත්‍ය ප්‍රකාශ බව 1896-1898 වාර්තා සහ මෙම memorandum එක ඇසුරින් අප පෙන්වා දී ඇත. ඒ සඳහා සබැඳිය මෙම memorandum එක නිකුත් කිරීමට පාදක වන Anton Fuhrer ගේ වැඩකටයුතු විමර්ශණය කර V.A. Smith මහතා විසින් සකස් කළ සම්පූර්ණ වාර්තාව සලකා බලමු. මෙම වාර්තාව ~Annual Progress Report of the Archeological Survey Circle (Epigraphical Section), North- Western provinces and Oudh, for the year ending 30th june 1899~ ලෙස මාතෘකා කර ඇත. ...