ලෝක ගෝලයේ විකෘතිය

ලෝක ගෝලය ඇසුරින් පෙන්වන මධ්‍ය ලක්ෂ්‍ය මිථ්‍යාව බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක - 31 බුදු රදුන් ලංකාවේ බවට නොයෙක් විකෘති සාධක ඉදිරිපත් කරන පිරිස ලෝක ගෝලයේ රූපයක් ඉදිරිපත් කර ඒ පිළිබඳ විකෘති අදහස් කිහිපයක් ඉදිරිපත් කරයි. එනම් 1.) මේ සිතියම පෙන්වන්නේ ලෝක ගෝලයෙන් ජලය ඉවත් කළහොත් එහි හැඩය බව( එනම් ජලය නැත්නම් පෘථිවිය ගෝලාකාර නොවන බව) 2.) පෘථිවියේ ගුරුත්ව කේන්ද්‍රය ලෝකයේ අනිත් ස්ථාන වලට වඩා ලංකාවට ආසන්න බව 3.) ඒ අනුව ලෝකයේ ගුරුත්වය අඩුම ස්ථානය ලංකාවේ බවත් ( ඇතැමුන් එය නාලන්දා ගෙඩිගෙය ඇති ස්ථානය බවට තවත් ඉදිරියට යයි) 4.) ලෝකයේ මධ්‍ය හෙවත් බුදු වරු පහළ වන මධ්‍ය මණ්ඩලය මෙය බව නාසා ආයතනය වාර්තාවක් නිකුත් කර ඇති බව. බුදු රදුන් ලංකාවේ බව පවසන මේ පිරිස ඉදිරිපත් කළ අනිකුත් සාධක සේම මෙය ද විකෘතියක් වන අතරම බෞද්ධයන් නොමග යැවීම පිණිස ඉදිරිපත් කරන මේ සිතියම ඔවුන්ට ද නොවැටහෙන බවක් පැහැදිලිවම පෙනී යයි. මොවුන් පෙන්වන මේ ඡායාරූපයේ ඇත්තේ පෘථිවි ගෝලයේ "Geoid" නමින් හදුන්වන ආකෘතියක කොටසකි. කුමක්ද මේ Geoid නම් ආකෘතිය? මෙම සංකල්පය ජර්මන් ජාතික භෞතික විද්‍යාඥයකු වන කාල් ෆෙඩ්රික් ගවුස්...